කලාපීය ගැටුම් සහ ඉහළ ඉන්ධන පිරිවැයේදීත් එමිරේට්ස් ලාභ ලබයි
ගල්ෆ් කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ඇති වූ බාධා සහ ඉහළ ඉන්ධන මිල ගණන් හමුවේ කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කරමින්, එමිරෙට්ස් සමූහය 2026-27 වසරේ පළමු මාස හය සඳහා බදු වලට පෙර ලාභය ලෙස එක්සත් අරාබි එමීර් ඩිරාම් (AED) බිලියන 4.1ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක්) වාර්තා කර ඇත.
ආදායම් බදු ගෙවීම්වලින් අනතුරුව, සමූහයේ ශුද්ධ ලාභය AED බිලියන 3.6ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.0ක්) වන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 66%ක පහත වැටීමකි.
2026-27 වසරේ පළමු මාස හය තුළ සමූහයේ ආදායම AED බිලියන 66.2ක් (ඇමරිකානු ඩොලර් බිලියන 18.0ක්) ලෙස වාර්තා වූ අතර, එය පසුගිය වසරේ වාර්තා වූ AED බිලියන 75.4ට (ඇමරිකානු ඩොලර් බිලියන 20.6ට) සාපේක්ෂව 12%ක අඩුවීමකි.
එමිරේට්ස් ගුවන් සේවය සහ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී, අතිගරු ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා අදහස් දක්වමින්, “සලකා බලන කාලය අභියෝගාත්මක මාස හයක් වූ අතර, අපගේ ව්‍යාපාර ආකෘතිය සහ අපගේ කාර්ය මණ්ඩලය නැවත වරක් මෙම පරීක්ෂණයට සාර්ථකව මුහුණ දුන්නා. පෙර නොවූ විරූ කලාපීය අභියෝග සහ ඉහළ ඉන්ධන මිල ගණන් මධ්‍යයේ වුවද, මෙම සමූහ ව්‍යාපාරය බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 4.1ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක) ලාභයක් වාර්තා කිරීමට සමත් වුණා. පාරිභෝගික ඉල්ලුම ස්ථාවරව පැවති අතර, අපගේ භාණ්ඩ ප්‍රවාහන (cargo) මෙහෙයුම් ද ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව ගෝලීය ජෙට් ඉන්ධන මිල දෙගුණ වීම හේතුවෙන් අපගේ පිරිවැයට සහ ලාභදායීත්වයට බලපෑම් එල්ල වුවද, මෙම සාධක නිසා ආදායම සහ මුදල් සංචිත මට්ටම් යහපත් අතක පවත්වා ගැනීමට හැකි වුණා” යැයි සඳහන් කළේය.
එමිරේට්ස් ගුවන් සේවය -
2026 අප්‍රේල් 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ එමිරේට්ස් ගුවන් සේවය මගීන් මිලියන 21.8ක් ප්‍රවාහනය කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 22%ක අඩුවීමකි. 2026-27 වසරේ පළමු භාගය සඳහා එමිරේට්ස් ගුවන් සේවයෙ හි බදු ගෙවීමට පෙර ලාභය ඩිරාම් බිලියන 3.7ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.0ක්) විය. පසුගිය වසරේ එම කාලය තුළ සමාගම ඩිරාම් බිලියන 11.4ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක) වාර්තාගත බදු වලට පෙර ලාභයක් පෙන්නුම් කර තිබුණි. මෙම වසරේ පළමු අර්ධය සඳහා බදු ගෙවීමෙන් පසු එමිරේට්ස් හි ලාභය ඩිරාම් බිලියන 3.3ක් (ඇමරිකානු ඩොලර් මිලියන 903ක්) වන අතර, එය 66%ක අඩුවීමකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

