රොබෝ තාක්ෂණය කර්මාන්ත කෙෂ්ත්රය තුළ වඩා ඵලදායී ලෙස යොදාගන්නා බවත්, ඉදිරියේදී කර්මාන්කරුවන්ට තම නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලුම ආකෘති ශ්‍රී ලංකාව තුළම නිර්මාණය කරගැනීමට හැකිවන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කර්මාන්ත අමාත්‍යාංශය හා ඊට අයත් රාජ්‍ය අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් හා සභාපතිවරුන් සමඟ විශේෂ රැස්වීමක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති අවස්ථාවේදී මෙම අදහස් ඉස්මතු විය.
එහිදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සකස්කළ පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නංවමින් දේශීය කර්මාන්ත කේෂත්රය නඟාසිටුවීමත්, වසා දමා ඇති කර්මාන්ත යළි ආරම්භ කිරීමටත්, නව කර්මාන්ත ආරම්භ කිරීම පිළිබඳවත්, පවතින කර්මාන්ත වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී අමාත්‍යවරු තිදෙනා ආයතන ප්‍රධානීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් මසකට ලොරි රථ 50 බැගින් සෑම මාසයකදීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය බස් රථ නිෂ්පාදනය කිරීමට සියලු කටයුතු සූදයනම් බවත්, එමගින් බස් රථ ආනයනයට වැය කරන විශාල විදේශ විනිමය ප්රමායණයක් රටට ඉතිරි කරගත හැකි බව විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
රොබෝ තාක්ෂණය කර්මාන්ත කෙෂ්ත්රය තුළ වඩා ඵලදායී ලෙස යොදා ගන්නා බවත් ඉදිරියේදී කර්මාන්කරුවන්ට තම නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලුම ආකෘති ශ්‍රී ලංකාව තුළම නිර්මාණය කර ගැනීමට හැකිවන බවත්, තම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සිමෙන්ති සංස්ථාව විසින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සකස් කර ඇති සැලසුම ඉතාම ඉක්මණින් ක්‍රියාවට නංවා ශ්‍රී ලංකාවට අවශ්‍ය සිමෙන්ති දේශීයවම නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල සභාපතිවරු ඉදිරිපත් කළ විවිධ ගැටලුවලට අවධානය යොමුකළ අමාත්‍යවරු තිදෙනා එම ගැටලුවලට ඉතා ඉක්මණින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව පැවසූහ. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ආයතන ප්‍රධානීන්, සභාපතිවරුන් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.