ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් 19 වැනි වරටත් සංවිධානය කළ 'කන්ස්ට්‍රක්ට් 2019' ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23දා) පෙරවරුවේ විවෘත කෙරිණි.
එම ප්‍රදර්ශනය අගෝස්තු 23, 24 හා 25 යන දිනවලදී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත් වේ.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාව ද නිරත වෙමින් කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක නිරත විය.
මැති ඇමතිවරුන්, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි, කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක, ආසියානු සහ බටහිර පැසිෆික් ඉදිකිරීම් සංගමයේ සභාපති මොහොමඩ් අලි, ඇලුමෙක්ස් කළමනාකාර අධ්යක්ෂ ප්රමුක් දැදිවල යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.