2011 සැප්තැම්බර් මස 2 වැනි දින සිට සැප්තැම්බර් මස 29 වැනි දින දක්වා වන කාල වකවානුවේදී කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත රේඩියන්ට් ජේම්ස් ඉන්ටර්නැෂනල් පී.එල්.සී සමාගමේ කොටස්වල ක්‍රියාකාරී වෙළෙඳ පොළ සම්බන්ධයෙන් ව්‍යාජ හා නොමඟ යවනසුළු පෙනුමක් ඇති කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව 2019 ජූලි මස 25 වැනි දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.
ඒ අනුව, ඉහත විත්තිකරුවන් අදාළ චෝදනා සඳහා වරදකරුවන් වුවහොත් වසර පහක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරනු ලැබීමකට හෝ රුපියල් ලක්ෂ සියයක් නොඉක්මවන දඩයකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය හැකි බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.
මෙම විත්තිකරුවන් විවිධ බලපත්‍රලාභී කොටස් තරැව්කාර ආයතනවල ආයෝජන උපදේශකවරුන් වශයෙන් ක්‍රියාකරමින් 2011 සැප්තැම්බර් 2දා සිට සැප්තැම්බර් 29දා දක්වා වන කාලපරිච්ඡේදය තුළ ව්‍යාජ හා නොමග යවනසුළු ක්‍රමවේද යොදාගනිමින් එම ආයතනවල ඇතැම් ගනුදෙනුකරුවන්ගේ මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් යොදාගනිමින් රේඩියන්ට් ජේම්ස් ඉන්ටර්නැෂනල් පී.එල්.සී. සමාගමේ කොටස් සඳහා ඇණවුම් යොදා ඇති බව සඳහන් වෙයි. එහිදී, මෙම විත්තිකරුවන් විසින් ක්‍රියාත්මක කරන ලද අදාළ ගනුදෙනු තුළින් ක්‍රියාකාරී කොටස් වෙළෙඳ පොළ තුළ රේඩියන්ට් ජේම්ස් ඉන්ටර්නැෂනල් පී.එල්.සී. සමාගමේ කොටස්වල ක්‍රියාකාරී වෙළෙඳ පොළ මිල හා සම්බන්ධව ව්‍යාජ හා නොමග යවනසුළු පෙනුමක් නිර්මාණය වී ඇති අතර, එමකින් 2001 සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා රීතීන් හි 12 වැනි රීතිය උල්ලංඝනය කර ඇති බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ඒ අනුව, මෙම විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 102 සහ 113අ වගන්ති සමග කියවිය යුතු 2001 ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා රීතීන් හි 12 වැනි රීතිය ප්‍රකාරව, ක්‍රියාකාරී කොටස් වෙළෙඳ පොළක ව්‍යාජ හා නොමග යවනසුළු පෙනුමක් ඇතිකිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම යටතේ චෝදනා ගොනුකර ඇති බව කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙහිදී, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරනලද කරුණු සලකා බලමින්, ගරු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් විත්තිකරුවන් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අද (28දා) දින පෙනී සිටීමට නියෝග කරමින් සිතාසි නිකුත් කර ඇති බවද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.