එමිරේට්ස් නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාලසටහනක්
නැවත දැනුම්දෙන තුරු සීමිත ගුවන් ගමන් කාලසටහනක් ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර තිබේ. වාණිජ ගුවන් ගමන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා කලාපීය ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසුව මෙම කාලසටහන ක්‍රියාත්මක කරනු ඇත.
2026 මාර්තු 05 සහ 06 යන දිනවලදී ගුවන් ගමන් 100කට අධික සංඛ්‍යාවක් ඩුබායි සිට පිටත් වී නැවත පැමිණීමට නියමිතය. මෙම ගුවන් ගමන් තම අවසාන ගමනාන්ත කරා ළඟාවීමට අවශ්‍ය පුද්ගලයින් මෙන්ම, නැවුම් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යනු ඇත.
ආරක්ෂාව සඳහා සැමවිටම ප්‍රමුඛතාවය ලබාදෙමින්, ගුවන් අවකාශය විවෘත වූ විට සියලුම මෙහෙයුම් අවශ්‍යතා සැපිරීමෙන් පසුව සිය ගුවන් ගමන් කාලසටහන ක්‍රමයෙන් නැවත ගොඩනඟා ගන්නා බව එමිරේට්ස් පැවසීය.
පවතින තත්ත්වයන් නිරීක්ෂණය කර ඒ අනුව සිය මෙහෙයුම් අනුවර්තනය කිරීම දිගටම කරගෙන යන බවත් සමාගම ප්‍රකාශ කළේය. මේ වන විට මගීන් ගුවන් තොටුපළට යා යුත්තේ ඔවුන්ට තහවුරු කරන ලද වෙන්කරවා ගැනීමක් ඇත්නම් පමණක් යැයිද ප්රකාශනයේ සඳහන් විය.
emirates.com සහ සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කරන ලෙස සියලුම මගීන්ගෙන් ඉල්ලා සිටින අතර, එහිදී නවතම යාවත්කාලීන කිරීම් ප්‍රකාශයට පත් කරන බවත් එමිරේට්ස් සමාගම පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
