වෙළෙඳ පොළේ පවතින බිත්තර හිඟය මගහරවමින් හිඟයකින් තොරව බිත්තර සහ කුකුල් මස් වෙළෙඳ පොළට සැපයීමට එම නිෂ්පාදකයන්ගේ සංගමය එකඟ වී තිබේ.
ඔවුන් මෙසේ පවසා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සමග සිදුකළ සාකච්ඡාවකදීය.
මේ තත්ත්වය මත බිත්තර සහ කුකුල් මස් ආනයනය කිරීමට ගත් තීරණය අත්හිටුවීමට කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අතර, එලැඹෙන උත්සව සමයේදී බිත්තරයක තොග මිල රු.17කට පවත්වාගෙන යාමට එම සංගමය එකඟත්වය පළ කර බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.