උත්සව සමය එලැඹීමටත් පෙරම මේ වනවිට වෙළෙඳ පොළෙහි එළවළු මිල ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.
පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ සිල්ලර වෙළෙඳ පොළෙහි අමුමිරිස් කිලෝවක මිල රු.500ක් පමණ වන බවත්, කරවිල කිලෝවක මිල රුපියල් 300ක් පමණ අගයක් ගන්නා බවත්ය.
කෙසේ වෙතත්, තොග වෙළෙඳුන් පවසන්නේ පසුගිය දිනවල පැවති වර්ෂා තත්ත්වය හේතුවෙන් වෙළෙඳ පොළට පැමිණෙන එළවළු තොග සීමිතවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.