ඉන්දීය නිදහස් සැමරුමට මෙරටදී කාශ්මීර නිම්නයේ මිහිරි සංගීතය
73 වැනි ඉන්දීය නිදහස් දිනය සැමරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් “Strings of Harmony” නමැති සන්තූර් වාදන ප්රසංගයක් කොළඹ, BMICH හිදි පසුගියදා සංවිධානය කර තිබුණි.
ප්රවීණ සන්තූර් වාද්ය් ශිල්පීන් වන පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා සහ පණ්ඩිත් රාහුල් ශර්මා සහභාගි වූ මෙම ප්රසංගය පැමිණ සිටි සංගීත ලෝලීන් අමන්දානන්දයට පත්කළ බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
සිය නිර්මාණාත්මක කුසලතාවයෙන් ප්රේක්ෂකාගාරය දැහැන් ගත කළ පණ්ඩිත් ශිව් කුමාර් ශර්මාගේ සහ ඔහු පුත් රාහුල් ශර්මාගේ මෙම ප්රසංගය සඳහා අමුත්තන් 1500කට වැඩි පිරිසක් සහභාගී වී තිබුණි.
කාශ්මීරයේ සංගීත පවුලකින් පැවැත ගෙන මෙම ප්රවීණ සංගීත ශිල්පීන් දෙපළට අමතරව බර්කා ශර්මා, භවානි ප්රසාද් කතක්, යෝගේෂ් රත්නකාර් සම්සි සහ ටකහිරෝ අරායි යන දක්ෂ වාදන ශිල්පීන්ද තන්පුරා, තබ්ලා සහ පඛවාජ් වාදනයෙන් මෙම ප්රසංගයට සහභාගී වී තිබුණි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

