ඉන්දියාවේ Vistara ගුවන් සේවය මුම්බායි සිට කොළඹ දක්වා නව ගමන් වාරයක් එලැඹෙන නොවැම්බර් මස 25දා සිට ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දීය රුපියල් 18,000කට මෙහිදී ගුවන් ටිකට්පතක් වෙන්කරවා ගැනීමට හැකි බව පවසන ඔවුන්, දැනට ශ්‍රී ලංකන් සහ එයාර් ඉන්දියා ගුවන් සේවය පමණක් මෙම මාර්ගයේ මෙහෙයුම් සිදුකරන බවද කියයි.
පසුගිය අගෝස්තු මාසයේදී ඩුබායි, බැංකොක් සහ සිංගප්පූරුව යා කරමින් විදේශීය ගුවන් ගමන් වාර ඇරඹි Vistara ගුවන් සේවයේ සිව්වැනි ජාත්‍යන්තර ගමනාන්තය කොළඹ බවට පත්වනු ඇත.
වර්ෂ 2015 ජනවාරි 9දා සිට දිල්ලි සහ මුම්බායි අතර ගුවන් ගමන් ආරම්භ කරමින් Tata Sons සහ Singapore Airlines එක්ව Vistara ගුවන් සේවය බිහි කළේය.
Airbus A320neo මාදිලියේ ගුවන් යානයක් මෙම ගමනාන්තය වෙත යොදාගන්නා බවත්, Premium Economy පන්තියේ ගුවන් ගමනක් සඳහා මෙම ගමන් මාර්ගයේ මගීන්ට අවස්ථාවක් හිමිවන ප්‍රථම අවස්ථාව මෙය බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.