එක්සත් ජනපද පෞද්ගලික ආයෝජනය, ශ්රී ලංකාව ඇතුළු ඉන්දු-පැසිෆික් කලාපයේ රැකියා මිලියන 5කට වැඩි ගණනක් සපයමින් ආර්ථික වර්ධනයට දායක වී ඇති බව එක්සත් ජනපද වැඩබලන සහකාර ලේකම්, තානාපති ඇලිස් වෙල්ස් පවසා සිටියාය.
මෑතකදී ශ්රී ලංකාවේ සංචාරයකට එක්වූ අවස්ථාවේදී ශ්රී ලංකාවේ ඇමෙරිකානු වාණිජ මණ්ඩලය විසින් පැවැත්වූ උත්සවයකදී එක්සත් ජනපද වැඩබලන සහකාර ලේකම්වරිය මෙම අදහස් පළ කළාය.
එක්සත් ජනපද සමාගම් ශ්රී ලාංකිකයින්ට රැකියා සහ සමෘද්ධිය ජනනය කරන අයුරු බැලීමට තමන් ඇමරිකානු වාණිජ මණ්ඩලයේ ව්යාපාරික නායකයින් හමුවූ බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මේ අතර, එක්සත් ජනපද වැඩබලන සහකාර ලේකම්, තානාපති ඇලිස් වෙල්ස් වෙත සත්කාරකත්වය සැපයීමට ලැබීම සතුටක් බවත්, ඇයගේ සංචාරය ශ්රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින අඛණ්ඩ හවුල්කාරිත්වය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ සමෘද්ධිය පුළුල් කිරීම සඳහා වන ඔවුන්ගේ ඒකාබද්ධ උත්සාහයන් ඉස්මතු කරන්නක් බවත් ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසා සිටියාය.