ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට කොමර්ෂල් බැංකුවේ සහාය හිමිවෙයි
‘එක්ව ගොඩනැගෙමු’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පසු යථාතත්ත්වයට පත්වීමට සහ අනාගතයේ එවැනි ආපදා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා ජාතික වශයෙන් ප්රයත්නයක් දරමින් සිටින කොමර්ෂල් බැංකුව, මෙරට ආපදා සූදානම හා අවදානම් කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් කළමනාකරණය කරනු ලබන RiskInfo අවකාශීය (භූගෝලීය) දත්ත ඩිජිටල් ද්වාරය සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කිරීම සඳහා අරමුදල් ලබා දී තිබේ.
දිට්වා සුළි කුණාටුව නිසා වඩාත් නවීන, ශක්තිමත් සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආපදා අවදානම් තොරතුරු පද්ධතිවල අවශ්‍යතාවය ඉස්මතු විය. ආපදා අවදානම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික කේන්ද්‍රස්ථානය වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පෙර සූදානම, ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීම සහ විපතට පසු යථාතත්ත්වයට පත්කිරීම යන කාර්යයන්වලදී කේන්ද්‍රීයව තම කාර්යභාරය ඉටු කරයි. RiskInfo අවකාශීය දත්ත ද්වාරය සහ DesInventar දත්ත සමුදාය වැනි ඩිජිටල් වේදිකා මගින් ලබාදෙන බහු-උපද්‍රව අවදානම් සිතියම්, නිරාවරණ හා අවදානම් දත්ත සහ පෙර ඇතිවූ ආපදා අලාභ පිළිබඳ තොරතුරු වැනි දත්ත මගින් එම කාර්යභාරයට මනා සහායක් ලැබේ.
මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා, “දිට්වා සුළි කුණාටුව මගින් ශ්‍රී ලංකාවට වඩාත් සංකීර්ණ හා බොහෝ කල් පවතින ආකාරයේ දේශගුණික හා ආපදා අවදානම් වලට මුහුණ දීමට සිදුවිය හැකි බව මනාව පසක් කරනු ලැබුවා. ප්රමුඛ පෙලේ මූල්‍ය ආයතනයක් ලෙස අපගේ වගකීම නම් හුදෙක් අර්බුදවලට ප්‍රතිචාර දැකිවීමෙන් නොනැවතී, ඒවාට මුහුණ දීමට අප රට සූදානම් කිරීමේ කාර්යයට උපකාර කිරීම බව අපි විශ්වාස කරනවා. අප රට හුදෙක් ප්‍රතික්‍රියා දැක්වීමේ ප්‍රතිසාධන මට්ටමේ සිට ක්‍රියාශීලී සහ දත්ත මත පදනම් වූ නිවැරදිව ආපදා කළමනාකරණය කිරීමේ මට්ටම දක්වා ගෙනයාමේ උපායමාර්ගයක් ලෙස මෙම යාවත්කාලීන කිරීම ක්‍රියාත්මක වනු ඇති. ජීවිත යහපත් කිරීම සඳහා තාක්ෂණය භාවිත කිරීම කෙරෙහි විශ්වාසය තබන බැංකුවක් ලෙස, RiskInfo අවකාශීය දත්ත ද්වාරය ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය, දැනුම, පෙර සූදානම සහ මුලින් ක්‍රියාත්මක වීම යන අංග වෙනුවෙන් කරන ආයෝජනයක් නියෝජනය කරන බව අපගේ හැඟීමයි. මේ වේදිකාවට ජීවිත බේරා ගැනීමට, ජීවනෝපායන් ආරක්ෂා කිරීමට සහ දිගු කාලීන ආර්ථික පාඩු අවම කිරීමට ද හැකියාව ඇති. මේ මුලපිරීම මගින් තිරසරභාවය, සාර්ථක අවදානම් කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රත්‍යස්ථිති ඉලක්ක සමඟ මූල්‍ය අංශයේ ශක්තිය ගලපා ගැනීම සඳහා අප දක්වන කැපවීම පිළිබිඹු කරනවා” යැයි පවසා සිටියේය.
කොමර්ෂල් බැංකුවේ මෙම සන්ධිස්ථානීය සම්බන්ධතාවය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී විධිමත් ලෙස ආරම්භ කරන ලදී. එම අවස්ථාවට DMC අධ්යක්ෂ (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා (ndc, IG), DMC හි අවදානම් වළක්වා ගැනීමේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ අධ්යක්ෂ අනෝජා සෙනෙවිරත්න මහත්මිය, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා සමඟින් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සහ බැංකුවේ තිරසාරභාවය පිළිබඳ අංශයේ සාමාජිකයන් සහභාගී විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
