අලුත් අවුරුදු ගනුදෙනුවලට මහජන බැංකුවෙන් තිලිණ
සිංහල හා දෙමළ අලුත් අවුරුදු ගනුදෙනු චාරිත්‍රයට නව අරුතක් එක් කරමින් බැංකුව සමඟ ගනුදෙනු කිරීමේ සම්ප්රදාය හඳුන්වා දුන් මහජන බැංකුව සිරිත් පරිදි මෙවරද අලුත් අවුරුදු ගනුදෙනු සිදුකරන සියලු දෙනාටම තිලිණ පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන මහත්මිය, "ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයට නව මුලපිරිම් රැසක් හඳුන්වා දුන් මහජන බැංකුව, 1973 වසරේදී සිංහල දෙමළ අලුත් අවුරුද්දට බැංකුව සමඟ ගනුදෙනු කිරීමේ සිරිත මෙරට බැංකු ක්ෂේත්රයට පළමු වරට හඳුන්වා දුන්නා. එතැන් සිට අඛණ්ඩවම සෑම වසරකම මහජන බැංකුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනවා. අද වනවිට අවුරුදු ගනුදෙනු සඳහා පැමිණෙන ජනතාවට ආකර්ෂණීය තෑගි පිරිනැමීම දක්වා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගොස් තිබෙනවා. අපගේ සම්ප්‍රදායික චාරිත්‍ර බැංකුකරණයත් සමඟ මුහුකරමින් ජනතාව තුළ ඉතිරි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමත්, ඒ තුළින් ජාතික සංවර්ධනයට ප්රමුඛ දායකත්වයක් ලබාදීමත් මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අපේක්ෂාවයි.
මිට අමතරව, මේ අවුරුදු සමයේ මහජන බැංකුවේ සිසු උදාන සහ ඉසුරු උදාන ගිණුම්වල මුදල් ඉතිරි කරන දරු දැරියන්ටත් ‘පුංචි අපේ අවුරුදු කවුළුවෙන්’ තිලිණ පිරිනැමෙනවා. මෙම අවුරුදු ගනුදෙනු වැඩසටහන යටතේ මහජන බැංකුව ඔබගේ රු.25,000/-ක තැන්පතුවකට අගනා Glass Water Bottle එකක් තිලිණ කරන අතර, රු.50,000/- තැන්පතුවකට අගනා Whistling Kettle එකක් තිලිණ කිරිමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම, දැනට පවත්වාගෙන යන හෝ අලුතින් ආරම්භ කරන මහජන බැංකුවේ සිසු උදාන සහ ඉසුරු උදාන ගිණුම්වල රු.1,000/- සිට රු.4,999/- දක්වා තැන්පත් කරන දරු දැරියන්ට Pencil Case එකක්, රු.5,000/- සිට රු.9,999/-දක්වා Tote බැග් එකක් සහ රු.10,000/- හෝ ඊට වැඩි තැන්පතුවලට Back Pack එකක් පිරිනැමෙනවා. මෙම දීමනාව අප්‍රේල් මස 01 වැනිදා සිට අප්‍රේල් 31 දක්වා වලංගු වෙනවා.
අවුරුදු ගනුදෙනු සිරිත අර්ථවත් කරමින් සෑම ගනුදෙනුවකටම සමරු තිලිණයක් පිරිනැමීමටත්, පැමිණෙන සියලුම ගනුදෙනුකරුවන්ට කැවුම් කිරි බතින් සංග්‍රහ කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. සුපුරුදු පරිදි අලුත් අවුරුදු ගනුදෙනු සඳහා රටපුරා පිහිටි මහජන බැංකු ශාඛාවන් වෙත පැමිණෙන ලෙසද ඔබ සියලුදෙනා වෙත සාදරයෙන් ආරාධනා කර සිටිනවා" යැයි පවසා සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
