ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 40 වැනි සංවත්සර සැමරුම, සර්ව රාත්‍රි පිරිත් සජ්ඣායනාවක් සහ සංඝයා වහන්සේ 40 නමක් විෂයයෙහි සිදුකළ දානමය පින්කමකින් සිදුකර තිබේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රධාන කාර්යාලයේදි පසුගිය අගෝස්තු 01දා, 02දා සහ 03දා මෙම පින්කම් සිදුකර ඇත.
ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සිදුකරන ප්‍රමුඛම රාජ්‍ය ආයතනය වන අපනයන සංවර්ධන මණ්ඩලය වර්ෂ 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ එවකට වෙළඳ හා නාවික අමාත්‍ය ලලිත් අතුලත්මුදලි මහතාගේ මඟපෙන්වීම යටතේ ස්ථාපිත කර තිබේ.
මෙම පනතේ පළමු වැදගත් පියවර වූයේ ජාතියේ යහපත උදෙසා ඉහළම ප්‍රමිතියෙන් යුතුව එහි කාර්යයන් ඉටුකිරීම සඳහා අපනයන ප්‍රවර්ධනය හා සංවර්ධනය පිළිබඳ පුළුල් බලතල සහිතව අපනයන සංවර්ධන මණ්ඩලය බල ගැන්වීමය.
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රටේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා කරන ලද කැපී පෙනෙන දායකත්වයක් ලබාදී ඇති අතර අපනයන වැඩි දියුණු කිරීම, අපනයන භාණ්ඩ පැස විවිධාංගීකරණය කිරීම, නවෝත්පාදන හඳුන්වාදීම මෙන්ම ආර්ථික වර්ධනය සහතික කරන රැකියා අවස්ථා උත්පාදනය කිරීම පිළිබඳ සිය දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරමින් අපනයන ප්‍රවර්ධනය කිරීමට සහ අපනයන ප්‍රජාවට පහසුකම් සැලසීමට අඛණ්ඩව උත්සාහ කරමින් සිටියි. මේ වනවිට නව ක්ෂේත්‍ර ගවේෂණය කරමින් උපාය මාර්ගිකව වැදගත් වන තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, අධ්‍යාපනය සහ සුවතා සංචාරක කර්මාන්තය හඳුනා ගනිමින් රටේ අපනයන සංවර්ධනයක් සඳහා විශාල විභවයක් පෙන්නුම් කරයි.