ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාතික ශාක නිරෝධායන සේවාව‚ ජාතික උද්හිද උද්‍යාන දෙපාර්තුමේන්තුව හා විසිතුරු පැළ අපනයන ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සහයෝගීත්වයෙන් අපනයනය සඳහා විසිතුරු පැළ නිෂ්පාදනය පිළිබඳ එක් දින තාක්ෂණික වැඩමුළුවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී (3 වැනි මහල) 2018 දෙසැම්බර් 04 වැනි දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම වැඩමුළුවේ අරමුණ වී ඇත්තේ විසිතුරු පැළ අපනයනය සඳහා නව ආයෝජන දිරිමත් කිරීම හා නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම බව කියයි. විසිතුරු පැළ හා පත්‍ර අපනයනකරුවන් / අපනයන විභවයක් සහිත පුද්ගලයන්/ සැපයුම්කරුවන් වෙනුවෙන් වැඩමුළුව සංවිධානය කෙරේ.
මේ සඳහා සහභාගී විමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියේ http://www.edb.gov.lk/event වෙබ් සබැඳිය මගින් 2018 නොවැම්බර් 30 වැනි දිනට පෙර ලියාපදිංචි විය යුතු අතර, පළමුව ලියාපදිංචි වන සීමිත පිරිසක් සඳහා පමණක් මෙහිදී අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.