ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනයක් වන CIMA සහ CASE STUDY සම්බන්ධව විශේෂඥයෙකු වන නැනස්කා ආයතනය එක්ව පසුගියදා අංක 464/1/1, ගාලු පාර, කොළඹ 03 දරන ස්ථානයේදී නව ශිෂ්‍ය සහාය මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා නැනස්කා ආයතනයෙහි ආදි ශිෂ්‍යයින්, සහෘදයින් මෙන්ම, CIMA ආයතනයේ නියෝජිතයින්, ව්‍යාපාරික ක්ෂේත්රයේ හවුල්කරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2009 වසරේදී topcimapass.com ලෙස ආරම්භ වී, පසුව නැනස්කා ලෙස නව සන්නාමකරණය වූ මෙම ආයතනය, CIMAහී CASE STUDY සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ උපකාරක පන්ති පැවැත්වීමෙන් සිය ගමන ආරම්භ කළ අතර, 2020 වනවිට, ලියාපදිංචි උපකාරක පන්ති සැපයුම්කරුවෙකු බවට පත්වූ නැනස්කා ආයතනය, CIMA CASE STUDY මට්ටම් තුන සඳහාම පුළුල් සහයෝගයක් ලබාදීමට කටයුතු කළහ. 2021 වසර වනවිට කොළඹ කේන්ද්‍ර කරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වූ පහසුකම් සහ ඔවුන් වෙනුවෙන් කැපවූ දේශක මඩුල්ලකගේ ශක්තියද ඇතිව, CIMA විෂය මාලාවේ සියලුම විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීමට හැකිවන ලෙස සිය සේවා පුළුල් කළේය.
නැනස්කා ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන කථිකාචාර්ය මෙන්ම, දන්කොටුව පෝසිලේන් සමාගමේ විධායක අධ්යක්ෂ සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ලෙස කටයුතු කරන චන්න ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකාවේ සිසුන් 4,000කට අධික සංඛ්‍යාවකගේ සාර්ථකත්වය සඳහා දායක වීමට නැනස්කා ආයතනයට හැකියාව ලැබී ඇත. දේශීයව මෙන්ම, ජාත්‍යන්තරවද, මූල්‍ය වෘත්තිකයන් වීමට අපේක්ෂා කරන පිරිස සඳහා ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් ලෙස තම කීර්තිනාමය තහවුරු කරමින්, මෙරට CIMA ත්යාගලාභීන්ගෙන් 70%කට අධික ප්රතිශතයක හිමිකාරිත්වය දරන්නේද නැනස්කා ආයතනයයි.
2023 වසරේදී, නැනස්කා ආයතනය තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබූහ. ඒ CGMA මූල්‍ය නායකත්ව වැඩසටහනේ (Finance Leadership Program - FLP)හී නිල හවුල්කරුබවට පත් වෙමිනුයි. මෙම හවුල්කාරිත්වය, විවිධ කර්මාන්ත ක්ෂේත්රවල වෘත්තිකයින්ට ලොවපුරා පිළිගත් CIMA සුදුසුකම ලබාගැනීම සඳහා සෘජු මාර්ගයක් විවෘතකර දෙන අතර, අනාගත ව්‍යාපාරික නායකයින් බිහිකිරීමේ නැනස්කා දැක්ම තවදුරටත් ශක්තිමත් කරයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් නැනස්කා ආයතනයේ නිර්මාතෘ චන්න ගුණවර්ධන මහතා, " මෙලෙස එළිදැක්වූ අපගේ නවතම ශිෂ්‍ය සහායක මධ්‍යස්ථානය, හුදෙක් ඒ සඳහා පමණක් වෙන්වූ ගොඩනැගිල්ලක් නොවෙයි. ඉහළ ඉලක්ක කරා යාමට වෙර දරන සෑම සිසුවෙකුටම අප ලබාදෙන පොරොන්දුව එයින් පෙන්නුම් කරනවා. අපගේ විශ්වාස වන්නේ, සිසුන්ගේසැඟවුණු දක්ෂතා, නායකත්වය බවටත්, දැනුම ගෝලීය අවස්ථා බවටත් පරිවර්තනය කිරීමට හැකි බවයි. ව්‍යාපාරික වශයෙන් අපගේ දිනෙන් දින වර්ධනයත් සමඟම, අපගේ ප්රමුඛ අවධානය යොමු වී ඇත්තේ මඟපෙන්වීම, උපදේශනය සහ විශිෂ්ටත්වයට ඇති නොසැලෙන කැපවීම තුළින් ගෝලීය වශයෙන් විශිෂ්ට නායකයින් බිහි කිරීමටයි." යනුවෙන් පැවසීය.
කොළඹදී පිහිටුවන ලද මෙම නව CIMA FLP මධ්‍යස්ථානය සමඟ, මෙරට වෘත්තිකයින්ට ගෝලීය මට්ටම්න් සාර්ථක වීම සඳහා ඔවුන් බලගැන්වීම වෙනුවෙන් තම කැපවීම නැනස්කා ආයතනය යළිත් තහවුරු කරයි. ඒ ඔස්සේ, ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වය උදෙසා නව දැක්මක් ලබා දීමේ සහ ලොවට වඩාත් හොඳ නායකයින් බිහිකිරීමේ තම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයනු ඇත.