අන්තර් බැංකු අර්පණ අනුපාතික ගණනය හා ප්‍රකාශය නවතාලයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික (SLIBOR) ගණනය කිරීම සහ ප්‍රකාශයට පත්නොකිරීමට තීරණය කර තිබේ.
දේශීය මූල්‍ය වෙළෙඳ පොළ තුළ ණය උපකරණ සඳහා වන පදනම් මිල තීරණය කිරීමේදී ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික භාවිත කිරීම අවම වීම, ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතික (LIBOR) ඇතුළුව එවැනි අර්පණ අනුපාතික ගණනය කිරීම හා ප්‍රකාශයට පත්කිරීමෙන් ගෝලීය වශයෙන් බැහැරවීමේ ප්‍රවණතාව, අන්තර් බැංකු වෙළෙඳ පොළෙහි දිගුකාලීන පරිණත කාල සීමාවන් සඳහා පවතින අඩු පරිමාවන් හමුවේ අර්පණ අනුපාතික වාර්තා කිරීම නවතාලීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් කරනලද ඉල්ලීම් සහ දේශීය මූලික වෙළෙඳ පොළ තුළ විකල්ප පදනම් පොලී අනුපාතික පැවතීම යනාදිය මෙම තීරණයට එළැඹීම සඳහා පධාන වශයෙන් සැලකිල්ලට භාජනය වූ කරුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

