කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති 4.2% සිට අගෝස්තු මාසයේදී 4.1% දක්වා පහළ ගොස් තිබේ.
2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්යානමය බලපෑම මේ සඳහා ප්රධාන වශයේන හේතු වී තිබේ. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති 10.9% සිට 2020 අගොස්තු මාසයේදී 12.3%ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේ වුවද ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති 1.5% සිට 2020 අගෝස්තු මාසයේදී 0.8% දක්වා පහළ ගොස් තිබේ.