VAT හා NBTනොවැ 01දා සිට ක්‍රියාත්මකයි
පාර්ලිමේන්තුවේදී ඊයේ (26දා) සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට් (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සංශෝධන 2016 නොවැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය කියයි.
ඒ අනුව වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත.
තොග සහ සිල්ලර වෙළෙඳාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව කාර්තුවකට පිරිවැටුම රු.මිලියන 12.5 හෝ වාර්ෂිකව රු.මිලියන 50කි.
සෙසු භාණ්ඩ හා සේවා සඳහා වැට් ලියාපදිංචි වීමේ සීමාව කාර්තුවකට රු.මිලියන 3ක් හෝ වසරකට රු.මිලියන 12ක් වේ.
දුම්වැටි, මත්පැන්, දුරකතන සේවා, විදුලි උපකරණ, සුවඳ විලවුන්, ආභරණ සහ කිරිපිටි වැට් බද්දට යටත් කර ඇත.
සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු (චැනල් සේවා ඇතුළත්ව), රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර ඇත.
නිවාස විකිණීම වැට් බද්දෙන් නිදහස් වේ. මීට අමතරව, වැට් බද්දට අදාළ නොවන භාණ්ඩ ලැයිස්තුව මෙසේය.
නව සංශෝධනයට අනුව 2% ක්ව පැවැති ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර කාර්තුවකට රු.මිලියන 3.75ක්ව පැවැති පිරිවැටුම් පරිමාව රු.මිලියන 3 දක්වා අඩු කර තිබේ.
දුරකතන සන්නිවේදන සේවා සහ විදුලිය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කර ඇතත්, ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමෙන් විදුලි බිලට බලපෑමක් නොමැති බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

