පිළිකාවට එරෙහිව සාරින්ද උනම්බුව සහ නාදන් සිවගනනාදන් යන මිතුරන් දෙදෙනාගේ මැදිහත් වීමෙන් ඇරඹි Trail වැඩසටහන දින 28ක් පුරා, කි.මී.670ක දුරක් ගෙවමින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව බලා ගමන් ඇරඹීම පසුගිය 06 දා සිදුවිය.
මෙහි සමාරම්භක උත්සවය යාපනය සේවියර් ක්‍රීඩාංගනයේදී පැවති අතර, පා ගමනේ යෙදෙන පිරිස කොඩිකාමම්, මාන්කුලම්, මැදවච්චිය, ගලිගමුව, කුරුණෑගල, කොච්චිකඩේ, කොළඹ, පානදුර සහ සීනිගම යනාදී නගර 28ක් පසුකරමින් දෙවුන්දර තුඩුවට පැමිණෙනු ඇත.
පා ගමන සඳහා දැනටමත් 800කට අධික පිරිසක් එක්ව සිටින අතර, මුදල් පරිත්‍යාග කිරීමටත් විශාල පිරිසක් ඉදිරිපත් වෙමින්, මේ වනවිට රු.මිලියන 220ක පමණ මුදලක් ඊට එක්රැස් වී තිබේ.
එමෙන්ම, මෙවර වැඩසටහන යටතේ එක්රැස් වන අරමුදල්වල වටිනාකමට සමාන මුදලක් පරිත්‍යාග කිරීමට රජයද ප්‍රතිඥා දී ඇති බව සංවිධායකයෝ පවසති.
දිනකට කි.මී. 25ත් - 30 ත් අතර දුර ප්‍රමාණයක් ගමනේ යෙදීමට නියමිත පා ගමන ඕනෑම කෙනෙකුට විවෘත අතර, තමන්ගේ හැකියාව අනුව දින 3ක කාලයක් ගමන් කිරීම, එක් දිනක් ගමන් කිරීම හෝ කිසියම් නගරයක් හරහා ගමන් කිරීම වැනි ක්‍රම අතරින් කැමති ක්‍රමයක් තෝරාගැනීමේ අවස්ථාව හිමිවන බවද කියයි.
මෙවර වැඩසටහනේ Trail සන්නාම තානාපතිවරු ලෙස කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන, ජැක්ලීන් ෆර්නැන්ඩස්, ඔටාරා ද මෙල් වැනි පිරිස් පා ගමනේ යෙදෙයි.