ශ්‍රී ලංකන් ගුවන් සමාගම එක්සත් රාජධානියේ සිට සෑම වසරක් තුළම Take Heart Mercy Mission වැඩසටහන සඳහා පැමිණෙන හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සඳහා ගුවන් පහසුකම් සලසාදී තිබේ. මෙරට හෘද දෝෂ සහිත දරුවන්ගේ හෘද රෝග වෙනුවෙන් සැත්කම් සිදුකිරීම සඳහා ඔවුහු පැමිණෙති.
ජීවිතයට තර්ජනයක් එල්ල වන ලන්ඩන් හි Evelina ළමා රෝහලේ සිට මොවුන් මෙරටට පැමිණෙන අතර, මෙම ව්‍යාපෘතිය හරහා දරුවන් 200කට අධික පිරිසක් සඳහා දැනටමත් ජීවිතාරක්ෂක හෘද සැත්කම් සිදු කර ඇති බවද කියයි.
මෙම කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් UL504 දරණ ගුවන් යානයෙන් පසුගිය 13දා ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම පිරිස දකුණු පළාතේ විශාලතම තෘතියික සාත්තු සේවා මධ්‍යස්ථානය වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් සිදුකිරීමට නියමිතය. මෙම මෙහෙයුම දින හයක කාල සීමාවක් සිදුකරන අතර මෙම වර්ෂයේදී සැත්කම් 21 සිදුකිරීමට නියමිතය. මෙම කණ්ඩායම හෘද ශල්‍ය, බාහිර නිර්වින්දන සහ දැඩි සත්කාර පිළිබඳ දැනුමෙන් සන්නද්ධ පිරිසකගෙන් සමන්විත බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.