වසර 43ක සංස්ථා ඉතිහාසය තුළ රාජ්ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) පසුගිය දෙසැම්බර් මාසය තුළ රු.ලක්ෂ 6770ක වාර්තාගත විකුණුම් ආදායමක් සනිටුහන් කිරීමට සමත් වූ බව රාජ්ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති / කළමණාකාර අධ්යකක්ෂ ප්රදීප් ගුණවර්ධන මහතා පවසා සිටියේය.
මෙය 300% මාසික විකුණුම් වර්ධකයක් බවත් පසුගිය කාලසීමාව තුළ සංස්ථාව මාසිකව ලක්ෂ 250ත් 400ත් අතර ඉලක්කයන් සපුරමින් සිටි අතර සියලු දෙනාගේ කැපවීම හා උනන්දුව මත ප්රමථම වරට මෙවැනි වාර්තාගත ආදායමක් ලබා ගැනීමට හැකි වූ බවද සභාපතිවරයා පැවසීය.
එමෙන්ම, 2014 වසරේ අවසානය වන විට ලක්ෂ 31,000ක වාර්තාගත ආදායමක් ලබා ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව මසකට වැඩිම අලෙවි ඉලක්කයක් හා ලාභයක් සපුරා ගැනීමට ඉදිකිරීම් හා ගෘහ උපකරණ අංශය, තොරතුරු තාක්ෂණ ආශ්රිත උපකරණ අංශය, විදුලි හා විද්යූදත් උපාංග අංශය, කාර්යාලයීය ලිපිද්රංව්ය. අංශය ඇතුළු රාජ්ය වාණිජ (විවිධ) සංස්ථාවේ සියලුම අංශවල අලෙවිය පසුගිය කාලසීමාව තුළ වේගයෙන් වර්ධනය වී ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.