එරික්සන් සමාගම විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සමග එක් වී %Nation Building trough ICT Innovation Inclusion^ නමින් වැඩසටහනක් දියත් කර තිබේ.
එසේම පසුගිය මැයි 18 වැනිදා සිදු කෙරුණු නවීන පහසුකම් සහිත එම සමාගමේ මෙරට කාර්යාලය විවෘත කිරීමද ඊට සමගාමීව සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගි වූ අතර, වැඩසටහන වෙනුවෙන් අමාත්‍යාංශය සහ එරික්සන් සමාගම අතර අභිප්‍රාය ලිපියක් අත්සන් තැබීමද සිදුකෙරිණි.
මෙම වැඩසටහන හරහා පුළුල් පරාසයක විහිදුනු තොරතුරු හා සන්නිවේදන සබඳතා ඇති කිරීමට ඉවහල් වන නිර්මාණශීලී පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි.