meet.gov.lk වෙත පිවිසීමට නොමිලේ දුරකථන සේවාවන්
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් රාජ්‍ය අංශය සඳහා හඳුන්වාදුන් විඩියෝ සම්මන්ත්රණ විසඳුම (https://meet.gov.lk) වෙත පිවිසීමටත්, එය දත්ත වැය වීමකින් තොරව නොමිලේ භාවිත කිරීමටත් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග් සහ හච් ඉදිරිපත්ව සිටියි.
කොවිඩ්-19 වෛරසය පැතිරීමේ අවදානම පාලනය කිරීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙස නිවෙස් තුළම සිටින ලෙසත්, රාජ්‍ය සහ අනෙකුත් අංශවල රාජකාරී නිවෙස් තුළම සිට කිරමට අවශ්‍ය පහසුකම් සලන ලෙසත් රජය විසින් දැනුම්දී තිබුණි.
මේ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් රාජ්‍ය අංශය සඳහා හඳුන්වාදුන් මෙම විඩියෝ සම්මන්ත්රණ විසඳුම තුළින් එකම අවස්ථාවේ විශාල පිරිසක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගනිමින් සජීව සම්මන්ත්රණ පැවැත්විය හැකිවිය.
විශේෂාංග රැසක් ඇති ලංකා රජයේ තොරතුරු යටිතල පහසුකම් පද්ධතියෙහි (LGII) සහාය ඇතිව ආරක්ෂිත ලෙස ශ්‍රී ලංකා රජයට පමණක් හිමිකම් ඇති ලංකා රාජ්‍ය ඹේඝය (LGC) මේ මෘදුකාංග සඳහා පහසුකම් සපයා ඇත. මේ වනවිට ප්‍රධාන රාජ්‍ය ආයතන 120ක් මෙහි ප්‍රයෝජනය ලබන අතර, එම ආයතවල එදිනෙදා කටයුතු සාකච්ඡා කිරීම මෙමගින් සිදුකරන අතර, මෙම දත්ත පහසුකම එය තවදුරටත් දිරිගන්වන්නක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
popular news
-
R M G B Madawala Tuesday, 28 April 2020 01:48 PM
මෙය පාසල් ගුරුවරුන්ටත් බාවිතා කිරීමට හැකි ලෙස sakasanna
Reply : 1 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

