ඉන්දියාවේ සාර්ථකව යොද ගැනෙන Maximum Retail Price හෙවත් උපරිම සිල්ලර මිල සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ පවසා සිටියේ ඊයේ (12දා) මුදල් අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ඉන්දියාවේ සාර්ථකව යොද ගැනෙන Maximum Retail Price හෙවත් උපරිම සිල්ලර මිල කියන සංකල්පය අපි ඉදිරිපත් කරන්න යනවා. එය තව මාසයක් එකහමාරකින් වෙන්න පුළුවන්. ආනයනය කරන, නිෂ්පාදනය කරන මට්ටමේ සිට ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි වීමක් සිදුවෙනවා. ඒ භාණ්ඩ සඳහා මිල නියම කිරීමක් සිදුවෙනවා. මේ තුළින් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ හෝ ආනයන අවස්ථාවේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරියේ ලියාපදිංචි කර ලබාගත් මිල, ඒ භාණ්ඩයේ ප්‍රසිද්ධ කිරීම අවශ්‍යයි. එවිට කිසිම ආකාරයකින් කිසියම් තැනක භාණ්ඩ හිඟයක් ඇති වුණත්, රු.120/- ට තියෙන භාණ්ඩය රු.200/- ට විකිණීමක් කරන්න බැහැ. මේ සඳහා පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් දවසකට හාරපන්දහසක් කරන්න යන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා." යැයි පවසා සිටියේය.