මහා පරිමාණ ආයෝජකයන් සිය ආයෝජන කටයුතුවලින් ආසියාව හැරයමින් සිටින පසුබිමක කොළඹ කොටස් වෙළෙඳ පොළ ස්ථාවරව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සමත් වූ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ඊයේ (28දා) ස්වීට්සර්ලන්තයේ සූරිච් හි වයිඩර් හෝටලයේ පැවැති Invest Sri Lanka ව්‍යාපාරික හමුවට එක්වෙමිනි. Swiss Asian වාණිජ මණ්ඩලය මගින් සංවිධාන කළ මෙම වෙළෙඳ හමුවේ ප්‍රධාන දේශනය කරමින් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව වඩා සාර්ථක ලෙස සංවර්ධන ඉලක්ක හඹා යමින් සිටින බවයි.
මෙම අවස්ථාවට ලොව ප්රමුඛ පෙළේ ආයෝජකයන් 200කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රධාන සමාගම් 12 ක නියෝජිතයෝද සහභාගී වූහ.