IMF වෙතින් ඩොලර් බිලියන 2යි දශම 2ක්?
ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක තුන් අවුරුදු විස්තීරණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී ටොඩ් ෂ්නයිඩර් මහතා විසින් මෙම නිවේදනය සිදුකර තිබේ.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය දැක්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට අදාළ පංගුවෙන් සියයට 185ක් සඳහා (ඇ.ඩො.බිලියන 1.5ක් පමණ) මාස 36ක කාල පරාසයක් පුරා දිවෙන ආර්ථික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කරගත් බව ෂ්නයිඩර් මහතා පවසයි.
එහිදී, මෙම ගිවිසුම පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්වන බවත්, විධායක මණ්ඩලය විසින් ජුනි මස මුලදී ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලෙනු ඇතැයි අපේක්ෂිත බවත් හෙතෙම පවසයි.
ඒ අනුව, ණය පහසුකම සඳහා වන විධිමත් අනුමැතිය ලැබීමත් සමග වෙනත් ද්වීපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය වශයෙන් තවත් ඇ.ඩො.මිලියන 650ක් ලැබෙනු ඇතැයි අපේක්ෂිත අතර ඒ අනුව, මුළු ලැබීම් ප්‍රමාණය ඇ.ඩො.බිලියන 2.2ක් පමණ වනු ඇති බවත් ෂ්නයිඩර් මහතා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

