ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකමෙහි තෙවැනි සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතාවකට එලඹ තිබේ.
එහිදී, නව දේශීය ආදායම් පනතෙහි දායකත්වය සහිතව 2018 අයවැය මගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩව පවත්වා ගත යුතු බවත්, උද්ධමනය සහ ණය වර්ධනය මත වන පීඩනය කෙරෙහි මුදල් ප්රතිපත්තියෙහි අවධානය තවදුරටත් යොමුවිය යුතු බවත්, අවදානම් කළමනාකරණය කරගැනීම සඳහා සහ සැමට ප්රතිලාභ ලබාදෙන වර්ධනයක් තිරසාරව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැදගත් බවත් කොළඹදී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අතරතුරදී බලධාරීන් සමග සිදුකළ සාධනීය සාකච්ඡාවලින් අනතුරුව එම අරමුදලේ නිලධාරී කණ්ඩායම විසින් වොෂිංටන් නුවරදී මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.