අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති G24 සමුළුවේ සභාපතීත්වය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට හිමිව තිබේ.
සභාපතීත්වය හිමි වීමෙන් අනතුරුව සමුළුව හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ G24 කණ්ඩායමේ සාමූහික වගකීම ඊට අයත් රටවල ජනතාවගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීම බවයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවන බව හෙතෙම අවධාරණය කර තිබේ.