සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල (EPF / ETF) පිළිබඳව සම්මන්ත්‍රණයක් (ඉංග්‍රීසි මාධ්යකය) 2017 මාර්තු මස 23 වැනි බ්රමහස්පතින්දා ප.ව 1.30 සිට ප.ව. 5.00 දක්වා නො.450, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතවය.
මෙම සම්මන්ත්‍රණයේදී සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ පනත හා ඒ ආශ්රිත නව පනත්, සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලෙහි ප්රතිලාභ, විද්යුවත් ගෙවීම් සහ විද්‍යුත් - ප්රතිලාභ යැවීම, ආවරණය වන සේවක කාණ්ඩ පිළිබඳ මාර්ගෝපදේශන, ගෙවීම් සහ ප්රතිලාභ නිවැරදිව ඉදිරිපත් කිරීම, සේවා යෝජකයාගේ බැඳීම් හා ප්රතිලාභ ආපසු ලබාගැනීමේ ක්රිරයාපටිපාටිය යනාදී මාතෘකා අවරණය කෙරෙනු ඇති බව ඔවුහු පවසති.
මෙහිදී කම්කරු සේවක අර්ථසාධක අරමුදලෙහි නියෝජ්‍ය කොමසාරිස් වසන්තන් බාලසුබ්රමනියම් සහ සේවක භාරකාර අරමුදල් මණ්ඩලයෙහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ඒ.ජේ.එම්.එස්. ජයසුන්දර යන මහත්වරු සම්පත් දායකත්වය ලබාදීමට නියමිතය.
මෙය ඔබට සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල (EPF / ETF) පිළිබඳ ගැටලු ඒ හා සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට මහඟු අවස්ථාවක් වනු ඇති බවත්, මෙම සම්මන්ත්‍රණය කළමනාකරුවන්, ගණකාධිකාරිවරුන් සහ පොදුවේ EPF / ETF සියලුම සාමාජිකයන් සඳහා ප්‍රයෝජනවත් වනු ඇති බවත් ජාතික වාණිජ මණ්ඩලය පවසා සිටියි.
මේ සඳහා ලියාපදිංචි වීම සඳහා 011-4741788 යන දුරකථන අංකය හෝ nirmani@nationalchamber.lk සහ tradelinks@nationalchamber.lk යන විද්‍යුත් ලිපින ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.