Edex Expo 17දා සිට 19දා දක්වා BMICHහිදී
'ශ්‍රී ලංකීය තරුණ කැළ ජාත්‍යන්තරව සවිබල ගන්වමු' යන තේමාව රැගත් Edex Expo අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ රැකියා වෙළෙඳ පොළ අද (17දා) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) ආරම්භ විය.
ඒ අනුව, අද (17දා) සිට ලබන 19 වැනිදා දක්වා Edex Expo 2014 ප්‍රදර්ශනය නරඹන්නන් වෙනුවෙන් විවෘතව තැබෙනු ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයේ සංවිධාන ශක්තියෙන් 11 වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සහ රැකියා වෙළෙඳ පොළ තරුණ තරුණියන්ට මෙරටදී හා ජාත්‍යන්තරව පවත්වනු ලබන අධ්‍යාපන, තෘතීයික අධ්‍යාපන මෙන්ම, වෘත්තීය පාඨමාලා පිළිබඳව විශ්වසනීය තොරතුරු ලබාගත හැකි ස්ථානයක් බව සැලකෙයි.
සාමාන්‍ය පෙළ, උසස් පෙළ හදාරා අවසන් කළ අයටත්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරා අවසන් කළ හා තවමත් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අයටත් තම අනාගතය නිවැරදිව සැලසුම්කර ගැනීම සඳහා මෙය හොඳම අවස්ථාවක් වනු ඇති බවද සංවිධායකයෝ පෙන්වා දෙති.
කොළඹ පැවැත්වෙන 2014 ප්‍රදර්ශනය සහ රැකියා වෙළෙඳ පොළට පසුව මෙම මස 24 සහ 25 යන දෙදින තුළදී මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදීද Edex Expo 2014 හි 2 වැනි අදියර පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

