EDEX රැකියා පොළ අද සහ හෙට
EDEX වසර මැද අධ්‍යාපනික ප්‍රදර්ශනය හා රැකියා පොළ අද (30දා) සහ හෙට (31දා) දෙදින කොළඔ ශී‍්‍ර ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී (SLECC) පැවැත්වෙයි.
මෙම ප්‍රදර්ශනය හා රැකියා පොළ පෙරවරු 10.30 සිට පස්වරු 07.00 දක්වා පැවැත්වේ.
දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන, ශී‍්‍ර ලංකාවේ ප්රමුඛ දේශීය හා බහුජාතික සමාගම් රාශියක් මෙම රැකියා පොළට සහභාගී වන අතර රැකියා, රැකියා මාර්ගෝපදේශන හා අධ්‍යාපන කුටි 115කට වැඩි ප්‍රමාණයකින් සේවය ලබා ගැනීමට හැකියාව ඇත.
දැනුම හා තොරතුරු අපේක්ෂාවෙන් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිළේ සම්මන්ත්රණ, විශේෂ ශිෂ්‍ය වරප්‍රසාද හා දීමනා, අධ්‍යාපන ණය පහසුකම් හා ශිෂ්‍යත්ව මෙහිදී ලබා ගත හැකි බවද පැවසෙයි.
පුහුණු/ නුපුහුණු, උපාධිධාරී/ උපාධි අපේක්ෂක, රැකියා වියුක්ති/ ඌන රැකියා නියුක්තික වැනි ඕනෑම ක්ෂේත්රයක සිටින පුද්ගලයෙකුට රැකියා පොළ තුළින් සේවාව ලබාගත හැකි බවද පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

