ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අධ්යක්ෂ ජනරාල් ලෙස ජීවනී සිරිවර්ධන මහත්මිය පත් කර ඇත.
මීට වසර 32කට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට එක්වූ ඇය, වසර 20ක කාලයක් එහි නිෂ්පාදන කළමනාකරණ අංශවලද, තවත් වසර 10ක කාලයක් වෙළෙඳ පොළ සංවර්ධන අංශවලද කටයුතු කර තිබේ.
මූලික අධ්‍යාපනය මාතරින් ලැබූ ඇය, පසුව කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත්ව, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සමාර්ථ ලබාගෙන තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් අදාළ පත්වීම් ලිපිය ජීවනී සිරිවර්ධන මහත්මිය වෙත පිළිගැන්වූ බව එම අමාත්‍යාංශය පවසයි.