ෆින්ලන්තයෙන් සහන ණය සඳහා එකඟත්වයක්
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රදාන සහ සහනදායී ණය ආධාර ලබාදීමට ෆින්ලන්ත රජය එකඟත්වය පළ කර තිබේ.
මේ සඳහා වන ගිවිසුමට ඊයේ (10දා) පෙරවරුවේ ෆින්ලන්ත විදේශ අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්යංණශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග මහතාද, ෆින්ලන්තය වෙනුවෙන් ෆින්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් සතු සන්තලා මහත්මියද මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.
දෙපාර්ශ්වය විසින් එකඟ වන ව්‍යාපෘති සඳහා මෙම ගිවිසුම ඔස්සේ ප්‍රදාන සහ ණය ආධාර ලබාදීමට නියමිත බවත්, මෙම ගිවිසුම ක්‍රියාත්මක වනුයේ සංවර්ධනය වන රටවල් සඳහා ෆින්ලන්තය ලබාදෙන සහයෝගීතා සහන යටතේ බවත් සඳහන් වේ.
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වාසි සහ අවස්ථා අතිශය වැදගත් බැවින්, ඒවායින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම ශ්‍රී ලංකාවේ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවද මුදල් ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග මහතා අවධාරණය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


