2016 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාව ළමා මෙහෙකාර සේවයෙන් තොර රටක් බවට පත්කර ගැනීමේ ඉල්කකය සපුරාලීමට ළමා දින උත්සව මහ ඉහළින් පැවැත්වීමෙන් හෝ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමෙන් පමණක් කළ නොහැකි බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සේවයද ලබාගෙන බිම්මට්ටමේ නිරන්තර සොයාබැලීමේ වැඩපිළිවෙනක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි.
කම්කරු අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල ප්‍රගතිය සොයාබැලීම සඳහා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමකදී හෙතෙම මෙම කරුණු අනාවරණය කර තිබුණි.
2016 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාව ළමා මෙහෙකාර සේවයෙන් තොර රටක් බවට පත්කරන බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පොරොන්දු වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් වෙත සිහිපත් කළේය.