2016 ඔක්තෝබර් මස පළමු වැනි ගනුදෙනු දිනය සනිටුහන් කරමින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගම උත්සවාකාරයෙන් ගනුදෙනු කටයුතු ආරම්භක සීනුව නාද කිරීමට පසුගියදා එක් විය.
මෙහිදී අදහස් දක්වමින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගමෙහි සභාපති ගොඩ්වින් පෙරේරා මහතා පවසා සිටියේ රට තුළ තිරසාර සංවර්ධනයක් උදෙසා කෙරෙන කටයුතු සඳහා තම සමාගමෙහි පුර්ණ සහයෝගය ලබාදෙන බවයි. තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ රක්ෂණය, බලශක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා මූල්‍යමය සේවා යනාදී අත්‍යවශ්‍ය සේවා තුළින් එම සහයෝගය ලබාදෙන බවයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළින් ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනිමක් හිමි දැවැන්ත සමාගම් වන ජපානයේ මිට්සු සුමිටෝමෝ ඉන්ෂුවරන්ස් සමාගම, ස්වීට්සර්ලන්ත බැන්ක් පික්ටෙට් ඇන්ඩ් සයි සමාගම සහ ඉන්දියාවේ ශ්රීරම් සීටී යුනියන් ෆයිනැන්ස් සමාගම යන සමාගම් හරහා ආයෝජන දායකත්වය ලබාගැනීමට හැකි වි ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
ගොඩ්වින් පෙරේරා මහතා සමග සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගමෙහි අධ්යක්ෂවරුන් වන පැට්රික් අල්විස්, තුෂාර රණසිංහ, ආචාර්ය ජගත් අල්විස් සහ උපාලී විතාරණ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
කොළඹ කොටස් වෙළෙඳ පොළ නියෝජනය කරමින් සභාපති වජිර කුලතිලක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ පිරිස්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.