තඹ, පිත්තල, ඇලුමිනියම් හා යකඩවලින් භාණ්ඩ නිෂ්පාදනය කරන සුළු කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය, නිසි කර්මාන්තකරුවන් තෝරා සාධාරණව බෙදාදෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
මේ සම්බන්ධයෙන් එම කර්මාන්තකරුවන්ගේ අදහස් දැනගැනීමට සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේදී පසුගියදා පැවති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා එම අමුද්‍රව්‍යවලින් භාණ්ඩ නිෂ්පාදන කරන දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රධාන පෙළේ කර්මාන්තකරුවන් හා ඔවුන්ගේ සංගම්වල නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
මේ ගැන වැඩි විස්තර අද (7දා) අද පුවත්පතින්...