ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, ජාතික වෙළෙඳ සංගමය සහ කොටස් වෙළෙඳ පොළ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා වූ වැඩමුළුවක් පසුගියදා ජාතික වෙළෙඳ සංගම් ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වීය.
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාංගමික කටයුතු අධ්‍යක්ෂක හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහි ප්‍රථම දේශනය පවත්වන ලද අතර ඔහු ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ප්රාග්ධනය රැස්කර ගැනීම සඳහා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව දැනට සලකා බලමින් තිබෙන නව ක්‍රමවේදය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ, ලැයිස්තුගත කිරීමේ හා සාංගමික ප්‍රධානී ප්රියනා ගුණසේකර මහත්මිය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත වීමේ ප්රතිලාභ පිළිබඳව තම දේශනය පවත්වන ලද අතර ඇය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම ඇපකර නොමැතිව ණයකර නිකුත් කිරීමේ වාසි පිළිබඳව කරුණු ගෙනහැර දැක්වූවාය.