2017 අගෝස්තු මාසයේ පැවති 7.9%ක් වූ ලක්ෂ්යමය උද්ධමනයට සාපේක්ෂව, 2017 සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 8.6%ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන සැප්තැම්බර් මස ලක්ෂ්යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම, ආහාර නොවන කාණ්ඩයද දායක වී තිබේ.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මිල දර්ශකයෙහි වෙනස 2017 අගෝස්තු මාසයේදී වාර්තා වූ 6.5%හි සිට 2017 සැප්තැම්බර් මාසයේදී 6.8% දක්වා ඉහළ ගොස් තිබේ.