අන්තර්ජාතික ලෝන්ලි ප්ලැනෙට් සඟරාව විසින් 2015 වසරේ ස්වභාවික වනාන්තර ආශ්රිත ලොව හොඳම නිවාඩු නිකේතනය ලෙස යාල එලිෆන්ට් රීච් සංචාරක නිකේතනය තෝරාගෙන ඇති බව ඔවුන් නිවේදනය කරයි. මෙවැනි අන්තර්ජාතික අගයීමකට ලක්වූ ශ්රී ලංකාවේ එකම සහ ප්රථම සංචාරක නිකේතනය වන්නේද එලිෆන්ට් රීච් ආයතනය බව ඔවුන් වැඩිදුටත් පවසයි.
ඉන්දියානු ලෝන්ලි ප්ලැනෙට් සඟරාවේ කර්තෘ වර්ධන් කොන්දිව්කාර් මහතා පවසන ආකාරයට, මෙම තරගය සඳහා නිර්දේශිත නාමයන් ලබාගෙන ඇත්තේ, ලොව පුරා විසිරි සිටින සුපිරි සංචාරක පහසුකම් සපයන ආයතනයන් හි විද්වතුන් හා උපදේශකයන් ගෙනි. ඉන් අනතුරුව සඟරාව පැවැත් වූ විශේෂිත පාඨක ඡන්දයකින් ජයග්රාහකයින් තෝරාගෙන ඇත.
ලෝන්ලි ප්ලැනෙට් සඟරාව මෙම තරගයේදී අනුගමනය කළ සුවිශේෂී තීරක ක්රමවේදය මත, තරගයේ ජයග්රාහකයන් නිල වශයෙන් ප්රකාශයට පත් කරන තුරු, කිසිඳු නිර්දේශිත ආයතනයකට තමන් තරගය සඳහා නිර්දේශ වී ඇති බව දැනගැනීමට ලැබී නොමැති බවද පවසයි. ඒ අනුව, ජයග්රාහකයින් තීරණය කිරීමේදී හෝටල්වලට පැමිණෙන සංචාරකයින්ගේ ප්රතිචාර කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමුකරනු ලබයි.
තරගයේ ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් යාල එලිෆන්ට් රීච් හෝටලයේ කළමනාකර අධ්යක්ෂ මාලිංග ප්රනාන්දු මහතා කියා සිටියේ, " අප ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන අනර්ඝ සේවා තත්ත්වයට හේතුව වී ඇත්තේ අප කාර්යය මණ්ඩලයේ පුහුණුව හා නිරන්තර කැපවීමයි. ඒ වගේම, සංචාරකයින්ගේ ප්රතිචාර කෙරෙහිද ආයතනය නිරන්තර අවධානයෙන් පසුවෙනවා." යනුවෙනි.