සහල් මිල සඳහා උපරිම මිලට අනුගතව යමින් වෙළෙඳ සැල් හිමියන් කටයුතු නොකරන්නේ නම් දැඩිව ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ඊයේ (11දා) හලාවත මාදම්පෙ, සමූපකාර ශාලාවේ පැවැති රාජ්‍ය නිලධාරී, ව්‍යාපාරික, ධීවර හා ගොවි ජන හමුවකට එක් වෙමිනි.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ සහල් මිල සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සඳහා කඩිනමික් විසඳුමකට එලැඹෙන බවයි.
ආනයනික සහල් සඳහා වන බදු පහත දැමීමට රජය පියවර ගත්තද එහි ප්රතිලාභ ජනතාවට හිමි නොවන්නේ නම් එය ගැටලුවක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා, සහල් මිල පාලනය කිරීම සඳහා උපරිම මිලක් නියම කිරීමට පියවර ගත්තද, ඊට අනුගතව යමින් වෙළෙඳ සැල් හිමියන් කටයුතු නොකරන්නේ නම් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පවසා සිටියේය.