ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධන, අධ්‍යාපනය, භෞතික මෙන්ම ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම, පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය සංවර්ධනය කිරීම, ආර්ථික අමාත්‍යාංශය ප්‍රතිපාදන සපයන වැඩසටහන්වල අරමුණ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සහභාගිත්ව ප්‍රවේශය තුළින් තිරසාර සංවර්ධනයක් යන මැයෙන් ආර්ථික සංවර්ධනය සඳහා වූ 2014 ජාතික අයවැය පිළිබඳව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ රැස්වීම් මාලාවන් අමතමිනි.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක දිවි නැගුම, ගම නැගුම, පුර නැගුම, පළාත් නැගුම තුළින් රට නැගුමට ක්‍රියාත්මක කරන ආර්ථික සංවර්ධනය උදෙසා වූ වැඩසටහන පිළිබඳව මෙම රැස්වීම්වලදී වැඩිදුරටත් දැනුම්වත් කෙරිණි.
රට නැගුම ජාතික සංවර්ධන මෙහෙයුම යටතේ සුළු වාරිමාර්ග සහ පුරං කුඹුරු සංවර්ධනය තුළින් කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමටද, මාතෘ සායන, සතිපොළ, බස්නැවතුම්පොළ, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය ආදී ව්‍යාපෘති සඳහා මෙම අරමුදල් 2014 වසරේ ජාතික අයවැය තුළින් ආර්ථික සංවර්ධනය අමාත්‍යාංශය වැඩිදුරටත් ලබාදෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.