සහන අරුණ ප්‍රථම දින දෙක සාර්ථකයි
දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමය අරඹා දෙදිනක් තුළදී රටපුරා පිහිටි දිවි නැගුම ප්‍රජා මූල බැංකු මගින් ප්‍රතිලාභීන් 50,132කට රු.දස ලක්ෂ 740ක් ණය ලබාදී ඇති බව පැවසෙයි.
මෙම ප්‍රතිලාභීන්ට අසුරු සැණින් රු.50,000/- ක උපරිමයක් දක්වා මුදල් ලබාදී ඇත්තේ ඇපකරුවන්, වයස් සීමාවන්, බැඳුම්කර සහ අමතර ලියකියවිලි නොමැතිව වී ම විශාල පිරිසක් යෝජනා ක්‍රමයට මෙසේ දායක වීමට හේතු වී තිබේ.
දිවි නැඟුම සහන අරුණ අරමුදලින් ප්‍රතිලාභීන් මුදල් ලබාගෙන ඇත්තේ කෘෂි, පශුසම්පත්, ධීවර සහ ගෘහ ආර්ථික අංශයන්හි ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම සහ වැඩිදියුණු කරගැනීම සඳහාය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 327ක පිහිටි දිවි නැඟුම ප්‍රජාමූල බැංකු 1073 මගින් ප්‍රතිලාභීන් දසලක්ෂයකට අධික පිරිසක් මෙම මාසය තුළදී සහන අරුණ යෝජනා ක්‍රමයට දායක වී ප්රතිලාභ අත්කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

