සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා වාර්ෂිකව සංවිධානය කෙරෙන EC-Council Cyber Security 2014 සමුළුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වූ බව පවසයි.
CICRA Consultancies පෞද්ගලික සමාගම සහ ඩේලි එෆ්.ටී. පුවත්පත එක්ව මෙම සයිබර් ආරක්ෂාව පිළිබඳව සමුළුව සංවිධානය කළේය. සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති මෙම සමුළුව සයිබර් ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරීන්, තොරතුරු තාක්ෂණවේදීන් දැනුම්වත් කිරීමේ අරමුණින් යුතුව සංවිධානය කර තිබුණි.
මේ සඳහා ලොව පුරා තොරතුරු තාක්ෂණ හා පරිගණක විශේෂඥවරු සහභාගි වූ මෙම සමුළුවට, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඇමෙරිකා එක්සත් ජනපදයේ EC කවුන්සිල් ආයතනයේ සභාපති ජේ. බවිසි, CICRA පෞද්ගලික සමාගමේ විධායක අධ්යක්ෂ බෝෂන් දයාරත්න, ප්‍රධාන විධායක නිලධාරී වාසල වික්රමසේන, ඩේලි එෆ්.ටී. පුවත්පතේ කර්තෘ නිස්තාර් කාසිම් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.