අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි තමන්ට මෙන්ම සමාජයට හිතකර ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගුරු දෙගුරුන් හා ශිෂ්‍ය ප්‍රජාව දැනුම්වත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළික් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (සර්ට්) අපේක්ෂා කරයි.
විවිධ පාර්ශ්වයන්ගෙන් කෙරෙන ඉල්ලීම්වලට අනුව සුපුරුදු පරිදි මෙම දැනුම්වත් කිරීම් සිදු කරගෙන යන බවත්, විශේෂයෙන්ම මෙම දිනවල සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව සමාජයේ වැඩි අවධානය යොමු වීම නිසා මෙම පියවර ගත් බව සංසදය පවසයි.
නීති සහ තහංචි පැනවීමකට වඩා ස්වයං හික්මීමකින් මෙන්ම, වගකීමකින් යුතුව අන්තර්ජාලය සහ සමාජජාල වෙබ් අඩවි භාවිත කරන්නේ නම් ඒ ආශ්‍රිතව සිදුවන ඇතැම් අවාසනාවන්ත සිදුවීම් වලක්වා ගත හැකි වන බව ද සංසදය පෙන්වා දෙයි.
සමාජ ජාල වෙබ් අඩවියකට තම තොරතුරු සහ ඡායරූප එක්කිරීමේදී තමන් අභිමත අයට පමණක් ඒ වෙත ප්‍රවේශ වීමට හැකි ආකාරයෙන් කටයුතු කිරීමෙන් බෝහෝ විට අනවශ්‍ය ගැටලු මතුවීම වලක්වා ගත හැකි වන බවද සංසදය සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුම සඳහා සරල මුර පදයක් වෙනුවට පහසුවෙන් පිවිසිය නොහැකි මුර පදයක් යොදා ගැනීමත් වඩා යෝග්‍ය බවද, කිසියම් කෙනෙකු වංචනිකව තම සමාජජාල ගිණුම සඳහා පිවිසීම වැළැක්වීමට තම ජංගම දුරකතන අංකය පවා යොදා ගත හැකි බවද, එසේ වංචනිකයෙකු උත්සහ කරන්නේ නම් ඒ බව ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් දැනුම්වත් කෙරෙන බවද සංසදය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වන්නකි.