සමාගම් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් අය කළේ සුළු මුදලක් බවත්, මෙම ආයතන පවත්වා ගෙන යාමට අය කරන එම මුදල ප්‍රමාණවත් නොවන නිසා සමාගම් රෙජිස්ටාර් ගාස්තුව, නැවත පරීක්ෂා කරන ගාස්තු ආදිය සංශෝධනය කිරීමට තීරණය කර ඇතැයි කර්මාන්ත සංවර්ධන ඇමති රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (11දා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝග අනුමැතිය සඳහා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ සමාගම් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් අය කළේ මුදල ප්‍රමාණවත් නොවන බවයි. ඒ නිසා මේ මුදල වැඩි කළ යුතු බවත්, මේ ගාස්තු සංශෝධනය කරන්නේ වසර පහකට පසුව බවත් හෙතෙම පවසයි.
12,600කට වැඩි ප්‍රමාණයක් සමාගම් ප්‍රමාණයක් දැනට ලියාපදිංචි වී ඇති අතර, සමාගම් රෙජිස්ටාර් පනත යටතේ ගාස්තු වැඩිකිරීමේ බලය විෂය භාර ඇමතිවරයාට පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
එමෙන්ම, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය නවීකරණය කර ඇති බවත්, ලබන වසරේ ජූනි වන විට මෙය මුළුමනින්ම පරිගණකගත කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.