නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01දා සිට මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රඳවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝබර් මස සිට අයකිරීමටත් ආදායම් බදු 2018 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටත් මුලින් තීරණය කර තිබූ බවද අමාත්‍යාංශය පවසයි.
නමුත්, මෙසේ පනත දෙයාකාරයකට ක්‍රියාත්මක කිරීම මගින් එක් මුදල් වසරක් තුළ දෙයාකාරයකට ගිණුම් පවත්වා ගැනීමේ දුෂ්කරතා ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් බදු ගෙවන්නන්ට පහසුකම් සලසනු වස් ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත නව බදු පනතේ සියලු බදු අයකිරීම් 2018 අප්‍රේල් මස 01 සිට ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබේ.