සංචාරක ව්‍යාපාරය රටේ සෑම ජනතාවගේම දියුණුව ඉලක්කකර ගනිමින් සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. සීගිරියේ අලියා හෝටලය පසුගිය 18 වැනිදා විවෘත කරමින්, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.
“සංචාරක ව්‍යාපාරය රටේ සෑම ජනතාවගේම දියුණුව ඉලක්කකර ගනිමින් සංවර්ධනය කිරීම රජයේ අරමුණ වෙනවා. ප්‍රධාන වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක් තම රටේ දිළිඳු බව තුරන් කිරීම සඳහා සංචාරක ව්‍යාපාරය යොදා ගන්නවා. ඒ අනුව, කුඩා, මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ හෝටල් විශාල සංඛ්‍යාවක් ඉදිවීම තුළින් සංචාරක ව්‍යාපාරයේ විශාලතම අභියෝගයක් ජයගැනීමට පෞද්ගලික අංශයේ සහාය ඇතිව රජයට හැකිවී තිබෙනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.