සංචාරක උදාව 2014 ප්‍රදර්ශනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (27දා) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
සිව්වැනි වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමය සහ සංචාරක සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කර තිබේ.
සංචාරක කර්මාන්තය ආශ්රිත සියලුම සේවා සපයන්නන් එකම ස්ථානයකදී හමුවීමට හැකි ලෙස මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.
සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ එහෙත් වැඩි අවධානයට ලක් නොවූ පිරිස් සහ කණ්ඩායම් ඉදිරියට ගෙන ඒම, කුඩා හා මධ්‍ය පරිමාණයේ සංචාරක සේවා සම්පාදකයන්ට සංචාරක මෙහෙයුම්කරුවන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාව සලසා දීම, මෙතෙක් සංචාරක කර්මාන්තයට එක් නොවූ කුඩා සහ මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්ත ව්‍යාපාරික ආයතනවලට නිෂ්පාදන හා සේවාවන් එළිදැක්වීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදීම, සංචාරක කර්මාන්තයට නව නිෂ්පාදන හා සේවාවන් හඳුන්වාදීම ඇතුළු අංශ රැසක් මෙම ප්‍රදර්ශනයට සමගාමීව සිදු කිරීමට නියමිත බව කියැවෙයි.
මෙම ප්‍රදර්ශනය හෙට (28දා) දිනයේදීද පෙ.ව. 10.00 ස‘ට ප.ව. 8.00 දක්වා මහජනතාවට විවෘතව පවතී.