ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු නඟා සිටුවීමට ඉන්දියාවේ පූර්ණ සහාය ලබාදෙන බව භාරතීය ජනතා පක්ෂ නායකයෝ පවසා සිටියහ.
භාරතීය ජනතා පක්ෂයේ ක්‍රමෝපාය කාර්යය කමිටුවේ සභාපති සහ මධ්‍ය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා ඇතුළු ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (22දා) ආර්ථික සංවර්ධන අමාත්‍යා බැසිල් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මෙසේ අදහස් දැක්වූහ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් දියුණුවීම හේතුකොට ගෙන ඉන්දීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට උනන්දුවක් දක්වන බවද ඔවුහු පැවසූහ.