ශ්‍රී ලංකාව හා චීනය අතර උසස් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අංශයන් හි සහයෝගීතාව පිළිබඳව ගිවිසුමක් අත්සන් කර තිබේ.
උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා චීනයේ කුන්මින් හි පැවති චීන-දකුණු ආසියා තාක්ෂණික නවෝත්පාදන හුවමාරු සහයෝගිතා සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අවස්ථාවේදී මෙම ගිවිසුමට එළැඹ ඇත.
එහිදී, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සහ චීන ජනරජයේ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය වැන් ගැන්ග් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් කර තිබේ.